ප්‍රංශය වෛශ්‍යා වෘත්තිය තහනම් කරයි

යමෙකු ගේ ශරීරය මිල දී ගැනීම සාමාන්‍ය දෙයක් බවට පවතින සංකල්පය වෙනස් විය යුතු බවයි පාර්ලිමේන්තු කණ්ඩායම පවසන්නේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යමෙකු ගේ ශරීරය මිල දී ගැනීම සාමාන්‍ය දෙයක් බවට පවතින සංකල්පය වෙනස් විය යුතු බවයි පාර්ලිමේන්තු කණ්ඩායම පවසන්නේ

ලිංගික සේවනය සඳහා මුදල් ගෙවීම නීති විරෝධී බවට පත්කරමින් ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් නව නීතියක් සම්මත කර ඇත.

මේ අනුව යම් අයෙකු ලිංගික ශ්‍රමිකයෙකුට මුදල් ගෙවූ බව සනාථ වුව හොත් පළමු වතාවෙ දී ඩොලර් එක්දහස් හත්සියයක දඩ මුදලක් ගෙවිය යුතු වේ.

මේ නීතිය මගින් තිස් දහසක් වන ලිංගික ශ්‍රමිකයන් පිරිසකගේ ජීවිත වලට බලපෑම් එල්ලවන බවයි පැවසෙන්නේ.

ලිංගික වෘත්තිකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් පාර්ලිමේන්තුව ට පිටතින් විරෝධතාවක් පැවැත්වුහ
ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික වෘත්තිකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් පාර්ලිමේන්තුව ට පිටතින් විරෝධතාවක් පැවැත්වුහ

ප්‍රංශයේ ලිංගික ශ්‍රමිකයන් ගෙන් වැඩි පිරිස විදේශිකයන් බවටයි වාර්තා වන්නේ.

මෙම යෝජනාව ප්‍රලිමේන්තුවට ඉදිරිපත් කළ පිරිසේ ප්‍රධානියෙකු වන මෝඩ් ඔලිවර් (Maud Olivier) පැවසුවේ යමෙකු ගේ ශරීරය මිල දී ගැනීම සාමාන්‍ය දෙයක් යැයි පවතින සංකල්පය වෙනස් විය යුතු බවයි.

‘මගේ විමුක්තිය ගැන කරදර නොවන්න. මං ගැන මම බලාගන්නම්’ යන තේරුම ඇති විරෝධතා පුවරු රැගත් ලිංගික වෘත්තිකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් පාර්ලිමේන්තුව ට පිටතින් විරෝධතාවක් පැවැත්වූ බව ද වාර්තා වේ.