'සෑම එකොළොස් දෙනෙකුගෙන් එක් අයකුට දියවැඩියාව'

ඡායාරූප මූලාශ්‍රය, Getty
දියවැඩියා රෝගයට ගොදුරු වන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තා ගත මට්ටමකට ළඟා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලොව සෑම පුද්ගලයන් එකොළොස් දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවයි එම සංවිධානයේ වාර්තා පෙන්වා දෙන්නේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව දියවැඩියා රෝගී තත්වයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වේ.
දෙදහස් දාහතර වසරේ දී ලොව පුරා වාර්තා වී ඇති දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන හාරසිය විසි දෙකක්.
එම අගය එක්දහස් නවසීය අසූව වසරේ සංඛ්‍යා ලේඛන හා සැසඳීමේදී සිව් ගුණයක වැඩි වීමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
දෙදහස් දොළහ වසරේ, දියවැඩියාව හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම පහක්.
නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව දියවැඩියාව හේතුවෙන් මිය යන පුද්ගලයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බටහිර ශාන්තිකර කලාපීය රටවලිනුයි.




