උතුරු කොරියානු සබ්මැරීනයක් 'අතුරුදහන්'

ඡායාරූප මූලාශ්‍රය,
සබඳතා ගිලිහී ගිය සිය සබ්මැරීනයක් සොයා උතුරු කොරියාව මෙහෙයුම් සිදු කරමින් සිටින බව වාර්තා වේ.
සබ්මැරීනය හා පැවති සබඳතා ගිලිහී ගොස් ඇත්තේ මෙම සතියේ ආරම්භයේදී.
වර්ගීකරණය සඳහන් නොමැති ඉහත කී සබ්මැරීනය දින කීපයක් පුරා උතුරු කොරියානු වෙරළට නුදුරින් යාත්‍රා කොට ඇත.
උතුරු කොරියාව සිය යාත්‍රාවක් සොයා මෙහෙයුම් ආරම්භ කොට ඇත්තේ දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මේතාක් පැවති විශාලතම යුද අභ්‍යාසය ඉදිරියට යමින් තිබෙන අතරතුරදී.
දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වෙන යුද අභ්‍යාසය හේතුවෙන් කලාපීය උණුසුම තවදුරටත් ඉහළ යමින් පවතින අතර පියෝන්ග්යැන්ග් පාලනය ඒ සම්බන්ධයෙන් නැවතත් අනතුරු හඟවා තිබේ.
සිය රටට එරෙහිව කුමන හෝ ආක්‍රමණකාරී සලකුණක් පවතින්නේ නම් ඊට ප්‍රතිචාර වශයෙන් තමා පළමුව ප්‍රහාර දියත් කිරීමට සුදානම් බවයි අනතුරු හඟවමින් උතුරු කොරියාව වැඩිදුරටත් කියා සිටියේ.




