විද්‍යුත් තැපෑලට දුක් මුසු පුවතක්

වර්තමාන ඊමේල් ලිපින තුළ අඩංගු ප්‍රධාන අංගයක් වන 'ඇට්' (@) සංකේතයේ නිර්මාතෘවරයා ද රේ ටෝම්ලින්සන්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්තමාන ඊමේල් ලිපින තුළ අඩංගු ප්‍රධාන අංගයක් වන 'ඇට්' (@) සංකේතයේ නිර්මාතෘවරයා ද රේ ටෝම්ලින්සන්

ඊමේල් පණිවුඩ හෙවත් විද්‍යුත් තැපැල් පණිවුඩ ලොවට හඳුන්වා දුන් ඇමරිකානු ජාතික රේ ටොම්ලින්සන් දිවියෙන් සමු ගත්තේය.

ඔහු මිය යන විට හැත්තෑ හතර වන වියේ පසු විය.

පුද්ගලයන් දෙදෙනකු අතර සන්නිවේදන ජාල ඔස්සේ විද්‍යුත් පණිවුඩ හුවමාරු කර ගත හැකි බවට ඔහු විසින් අදහසක් ඉදිරිපත් කරනු ලැබුවේ 1971 වසරේදී.

බොස්ටන් නුවර පරිගණක ඉංජිනේරුවකු වශයෙන් සේවය කළ ඔහු සිය පළමු පණිවුඩය එම වසරේදීම විද්‍යුත් තැපෑලට එක් කළේය.

වර්තමාන ඊමේල් ලිපින තුළ අඩංගු ප්‍රධාන අංගයක් වන 'ඇට්' (@) සංකේතයේ නිර්මාතෘවරයා ද ඔහුයි.

සිය පළමු ඊමේල් පණිවුඩයේ සඳහන් වූයේ කුමක්දැයි යන්න මතකයෙන් ගිලිහී ගොස් ඇති බව රේ ටොම්ලින්සන් පසු කලකදී පැවසුවේය.