සම්බාධක වලට උතුරු කොරියාවෙන් මිසයිල් පිළිතුරු

ඡායාරූප මූලාශ්‍රය, EPA
උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු තීරයේ දී කෙටි දුර ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල හයක් එරට බලධාරීන් විසින් මුහුදට එල්ල කරනු ලැබ තිබේ.
මෙම මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා පැය කිහිපයකට පසුවයි.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරක මිසයිල කිලෝමීටර එකසිය පනහක් උසට පියාඹා මුහුදට පතිත වී ඇති නමුත් නිශ්චිත ඉලක්කයකට එල්ල කරන ලද ප්‍රහාරයක් නොවන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය ජනවාරි මාසයේ උතුරු කොරියාව විසින් සිදු කරනු ලැබූ න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර සම්මුති වලට එරෙහිව යමින් රොකට්ටුවක් අභ්‍යාවකාශගත කිරීම පදනම් කර ගෙන පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් රටේ විශාල අවිනිශ්චිතභාවයක් වර්ධනය වෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
උතුරු කොරියාවට මුදල් ගලා එන ප්‍රධාන වෙළඳාමක් වන දුර්ලභ ඛනිජ වර්ග අපනයනය තහනම් කර ඇති අතර උතුරු කොරියාවෙන් පිට වන සහ රටට ඇතුළු වන බඩු තොග දැඩි පරීක්ෂාවට ලක් කිරීම පනවා ඇති සම්බාධක වලට ඇතුළත් වෙයි.




