'ආදරවන්තයන් දැනුවත් කිරීමක්'

ඡායාරූප මූලාශ්‍රය, AFP
එළඹෙන ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් තායිලන්තය තරුණ තරුණියන් කොන්ඩමයක් තමන් සතුව තබා ගැනීමට ලැජ්ජා නොවිය යුතු බව අවධාරණය කෙරෙන ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ.
පෙර වසර වලදී තායිලන්ත බලධාරීන් තරුණ තරුණියන් දිරිමත් කළේ ආදරවන්තයන්ගේ දිනයේ දී පන්සල් ගොස් පමා නොවී නිවෙස් වෙත යන ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
කෙසේ වෙතත් තරුණ තරුණියන්ට ලිංගික සම්බන්ධතා වලදී ආරක්ෂාකාරී විය යුතු ආකාරය සහ එහි වගකීම පහදමින් මේ වසරේ ආදරවන්තයන්ගේ දිනයට වෙනත් අරුතක් දීමට තායිලන්තය උත්සාහ කරයි.
ඉතා තරුණ වියේ ඇති වන ගැබ් ගැනීම් ගණන ඉතා ඉහල අගයක් පවතින රටක් ලෙසත් ලිංගික සම්බන්ධතා මගින් පැතිරෙන ලෙඩ රෝග වැළඳීම ඉතා ඉහළ මට්ටමක පවතින රටක් ලෙසත් තායිලන්තය ලෝකයේ ඉදිරියෙන් සිටියි.
මෙම ප්‍රචාරක ව්‍යාපාරය 2019 වසර දක්වා දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ.




