යෝගා ගුරු කෝටිපතියා

බාබා රාම්දෙව් ඉන්දියාවේ සුප්‍රසිද්ධ යෝගා ශාස්තෘවරයෙකි. යෝගා ව්‍යායාම පිළිබඳව ඔහු ඉදිරිපත් කළ රූපවාහිනී වැඩසටහන් ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් විය.
නමුත් දැන් ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙකු බවට පත්ව ඇති අතර වෙළඳ සමාගමක හිමිකරුවෙකි.

ක්‍ෂණික නූඩ්ල්ස්, ෂැම්පු, නිමි ආහාර වර්ග සහ රෙදි සෝදන කුඩු වැනි පාරිභෝගික නිෂ්පාදන වෙළඳ පළට ගෙන එන සමාගමක් සහ කර්මාන්ත ශාලාවකට දැන් ඔහු හිමිකම් කියයි.
පසුගිය වසර තුළදී ඩොලර් මිලියන 300කට අධික වටිනාකමක් සහිත වෙළඳාමක් වාර්තා කර ඇති බාබා රාම්දෙව් ගේ වෙළඳ සමාගම ඉන්දියාවේ ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින ව්‍යාපාරයකි.

දිගු කේශ කලාපයක් සහ රැවුලක් සහිත බාබා රාම්දෙව් කසා වතින් සැරසී, දැව මුවා මිරිවැඬි සඟලක් පැළඳ, රෙදි මල්ලක් කරේ එල්ලා ගෙන තවමත් පෙනී සිටින්නේ සාම්ප්‍රදායික යෝගා ශාස්තෘවරයෙකු ලෙසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නමුත් ආරක්ෂාව සඳහා සන්නද්ධ ආරක්‍ෂක කණ්ඩායමක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සමඟ ගමන් කරති.
මොහු ගේ කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ උතුරු ඉන්දියාවේ හරිද්වාර් නගරයේ යි.

පාටාන්ජලී යන සන්නාමය යටතේ සිය වෙළඳ සමාගම ආරම්භ කර ඇත්තේ මීට දස වසරකට ඉහතදී යි.








