දකුණු සුඩානයේ 'ඉතා දුර්ලභ සතුන් රැසක්'

දකුණු සුඩානයේදී හමු වී තිබෙන වන අලියා සාමාන්‍ය අප්‍රිකානු අලියාට වඩා ප්‍රමාණයෙන් කුඩාය (මේ එම අලින් නොවේ)

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු සුඩානයේදී හමු වී තිබෙන වන අලියා සාමාන්‍ය අප්‍රිකානු අලියාට වඩා ප්‍රමාණයෙන් කුඩාය (මේ එම අලින් නොවේ)

ඉතා දුර්ලභ වර්ගයේ වන අලි විශේෂයක් දකුණු සුඩානයේ දී පළමු වතාවට සොයාගත් බව වනජීවී පර්යේෂකයෝ පවසති.

තවත් ඉතා දුර්ලභ සත්ව විශේෂ ගණනාවක් සොයා ගැනීමටත් විද්‍යාඥයන් පිරිස සමත්වී සිටිති.

දකුණු සුඩානයේ වනජීවී දෙපාර්තමේන්තුව, බක්නල් විශ්ව විද්‍යාලය සහ Fauna and Flora International නියෝජනය කරන පිරිසකුයි, මේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ.

දකුණු සුඩානයේදී හමු වී තිබෙන වන අලියා සාමාන්‍ය අප්‍රිකානු අලියාට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර, එම අලි දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටිති.

සිවිල් යුද්ධයෙන් දරුණු ලෙස පීඩා විඳින දකුණු සුඩානයේ ප්‍රාන්තයක වර්ග කිලෝමීටර අට දහසක ප්‍රදේශයක කැමරා ඇටවූ පර්යේෂකයෝ, විසිදහසකට වැඩි ඡායාරූප ලබාගත්හ.

බළලුන්, චිම්පන්සීන්, දිවියන් සහ මීහරකුන් ඇතුළු සත්ව විශේෂ 37 ක් සිය කැමරා කාචයට හසුකර ගැනීමට ඔවුහු සමත්වූහ.