බීජින් වායු දූෂණය: ‘රතු සංඥාව’ නිකුත් කරයි

ඡායාරූප මූලාශ්‍රය, AP
චීනයේ බීජින් නුවර වායු දූෂණය ඉහලම මට්ටමකට පැමිණ ඇති නිසා පාසැල් වසා දමා ඇති අතර එළිමහනේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු නතර කර තිබේ.
වායුව අපවිත්‍ර වීම අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බව දැනුම් දෙන ‘රතු සංඥාව’ සඳුදා නිවේදනය කෙරුණු අතර එය බ්‍රහස්පතින්දා දක්වා බල පැවැත්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
බීජින් නුවර මෝටර් රථ ධාවනයට ද සීමා පනවා ඇති අතර ඇතැම් කර්මාන්ත ශාලා ක්‍රියා කරවීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර ඇත.
ලොව ඉහලම වායු දූෂකයා ලෙස සැලකෙන චීනය මෙම පියවර ගන්නේ කාලගුණ විපර්යාස පිළිබඳව මේ වන විට පැරිසියේ පැවැත්වෙන සාකච්ඡාවලට ඔවුන්ගේ නියෝජිතයන් ද සහභාගී වෙමින් සිටින අවස්ථාවකයි.

ඡායාරූප මූලාශ්‍රය,
වායු දූෂණය අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බව දැනුම් දෙන ‘රතු සංඥාව’ නිකුත් කිරීමට චීනය පියවර ගත්තේ ප්‍රථම වතාවටයි.




