ටජ්මහල හින්දු පූජස්ථානයක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Tern TV
අග්‍රා නුවර පිහිටි ටජ්මහල හින්දු පූජස්ථානයක්ව තිබූ බවට නීතිඥ කණ්ඩායමක් විසින් කරනු ලැබූ ප්‍රකාශය ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප තිබේ.
ඉන්දීය ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහේෂ් ශර්මා කියා සිටියේ ටජ්මහල හින්දු පූජස්ථානයක්ව තිබූ බව සනාථ කිරීම සඳහා කිසිඳු සාක්ෂියක් නොමැති බවයි.
ටජ්මහල් සමරකය හින්දු භක්තිකයන් අතට පත් කළ යුතු බව පවසමින් ඉහත කී සය පුද්ගල නීතිඥ කණ්ඩායම අධිකරණය වෙත පෙත්සමක් ගොනු කළේ පසුගිය වසරේදීයි.
සිය බිරිඳගේ අභාවයෙන් පසු ඇය සිහි කරනු වස් මෝගල් අධිරාජ්‍ය ෂා ජාහාන් විසින් ටජ්මහල් සමාධිය ගොඩ නගන ලද්දේ 17 වන සියවසයේදීයි.
ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටි ටජ්මහල දැක බලා ගැනීම සඳහා දිනකට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව 12,000 කට ආසන්නයි.
ටජ්මහල ශිව දෙවියන් වෙත පූජා කරන ලද ස්මාරකයක් බව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි අග්‍රා නුවර නීතිඥ කණ්ඩායම අධිකරණය හමුවේ කියා සිටියේ.
ලෝප්‍රකට ස්මාරකය හින්දු පූජස්ථානයක් ලෙස ප්‍රකාශකට පත් කරන ලෙස නීතිවේදීන් කණ්ඩායම අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, AP
ෂා ජාහාන් අධිරාජ්‍යයාගේ තෙවන සහ ප්‍රියතම භාර්යාව වූ මුම්ටාස් මහාල් මරුමුවට පත් වූයේ ඇයගේ 14 වැනි දරු ප්‍රසූතියේදීයි.
කිරිගරුඬ පාෂාණ යොදා ගනිමින් නිම කොට ඇති ටජ්මහලෙහි වූ කුළුණු, ද්වාර ඇතුළු එහි සැලසුම මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය සඳහා වූ කදිම උදාහරණයක් ලෙස සැලකේ.
1983 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ටජ්මහල ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබූ අතර මිලියන ගණනක් සංචාරකයෝ වාර්ෂිකව එය නැරඹීම සඳහා අග්‍ර නුවරට ඇදී එති.








