බැංකොක් ප්‍රහාරය: දෙදෙනෙකු හමුදා අධිකරණයට

තායිලන්තයේ, බැංකොක් නුවර පිහිටි ප්‍රසිද්ධ හින්දු පූජස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා ලත් පුද්ගලයන් දෙදෙනෙකු තායිලන්ත හමුදා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී එරාවන් හින්දු පූජස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් විසි දෙනකු මරණයට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බිලාල් මොහොමඩ් සහ යුසුෆු මයිරයිලි යන විත්තිකරුවන් දෙදෙනා අයත් වන්නේ චීනයේ බටහිර ප්‍රදේශයේ වෙසෙන උයිගර් ප්‍රජාවටයි.
ඝාතන ඇතුළු අපරාධ දහයක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු ගොනු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා තායිලන්තය තදින් ක්‍රියා කිරීම හේතුවෙන් පූජස්ථානයට ප්‍රහාර එල්ල කර ඇති බවයි බලධාරීන් පවසන්නේ.
මේ අතර ඇතැම් පිරිස් පවසන්නේ උයිගර් ප්‍රජාව නියෝජනය කරන සියයකට අධික පිරිසක් චීනයට නැවත පිටත් කරවා හැරීම හේතුවෙන් උරණ වී මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි.




