ඔසප් යන්ත්‍රයක් සොයා දෙන්න -කේරල කෝවිලක්

ඡායාරූප මූලාශ්‍රය, Charukesi Ramadurai
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි ප්‍රසිද්ධ කෝවිලක ප්‍රධානියා කළ ප්‍රකාශයක් ඉන්දියාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී තිබේ.
කේරලයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා ප්‍රකාශ කර ඇත්තේ කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දෙන බවයි.
මෙම ප්‍රකාශයට එරෙහිව ඉන්දියාවේ සමාජ මාධ්‍ය පුරා දැඩි ප්‍රකාශයන් පළ කර ඇති බවයි ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත වාර්තා කරන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, sabarimala.kerala.gov.in
මෙම කෝවිලේ පාලකයන්ට එරෙහිව දියත් වී ඇති විරෝධය ‘හැපී ටු බ්ලීඩ්’ ලෙසින් නම් කර ඇති අතර සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් තම අදහස් පළ කර ඇත.
ඇතැමුන් පවසන්නේ මෙම ප්‍රකාශය මගින් කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව පවතින මිත්‍යාවන් යළිත් සමාජ ගත කිරීමට කෝවිල් බලධාරීන් උත්සාහ කරන බවයි.
කාන්තාවකගේ ශරීරය පරීක්ෂා කර කෝවිලට ඇතුළු වීම සඳහා ‘සුදුසු කාලය’ බව සනාථ කළ හැකි උපකරණයක් නිපදවූ දිනෙක ස්ත්‍රීන් කෝවිලට ඇතුළු වීම පිළිබඳව සිතා බලන බවද, කේරලයේ සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා පවසා ඇතැයි ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
මෙය ස්ත්‍රීත්වය පහත් කොට දැක්වෙන ප්‍රකාශයක් බව පවසමින් අන්තර්ජාලය ඔස්සේ විශාල පිරිසක් ‘හැපී ටු බ්ලීඩ්’ විරෝධයට එක් වී සිටිති.
ඇතැමුන් පුරුෂාධිපත්‍යයට එරෙහි ප්‍රකාශ පළ කර ඇත.

![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)






