බංග්ලාදේශයේ අන්තර්ජාල වාරණයක්

ඡායාරූප මූලාශ්‍රය, unk
ෆේස් බුක් ඇතුළු වෙනත් අන්තරජාල වෙබ් අඩවි වලට පිවිසීම අවහිරකිරීමට බංග්ලාදේශ් බලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.
එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ බංග්ලාදේශ් ශ්‍රේෂ්ඨාධිකරණය යුද අපරාධ චෝදනා මුල්කර ගනිමින් එරට ප්‍රබල විපක්ෂ නායකයන් දෙදෙනකුට එරෙහි මරණීය දණ්ඩනය තහවුරු කරනු ලැබීමෙන් අනතුරුවයි.
1971 දී පකිස්තානයට එරෙහිව ගෙන ගිය බංග්ලාදේශ් නිදහස් අරගලය සමයෙහි සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙනුයි විපක්ෂයේ දේශපාලකයන් දෙදෙනාට එරෙහිව චෝදනා නගා තිබුණේ.
නිදහස් අරගලයට එරෙහිව

ඡායාරූප මූලාශ්‍රය, focus bangla
දේශපාලකයන් දෙදෙනාට එරෙහිව පනවා තිබුණ මරණ දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද යළි තහවුරු කරනු ලැබීමෙන් පසු රට තුළ නීතිය සහ සාමය සුරක්ෂිත කර ගැනීමේ පියවරක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලය අවහිර කරන ලද බවයි බංග්ලාදේශ් නිලධාරියෙක් පවසන්නේ.
සලහුදීන් කදීර් චෞදරී සහ අහ්සන් මොහමඩ් මුජාහිඩ් නම් පුද්ගලයන් දෙදෙනා රටේ නිදහස් අරගලය සමයේ සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සහ ජනඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අතර විශේෂ යුද අපරාධ අධිකරණයක් විසින් ඔවුන් දෙදෙනා ඉහත කී චෝදනා වලට වැරදිකරුවන් වන බව තීන්දු කොට මෙයින් වසර දෙකකට පෙර ඔවුන් මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ තිබුණි.
පූජක ඝාතනයක්
මේ අතර නාදුනන තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ඉතාලි පූජකයෙක් තුවාළ ලැබ ඇති බව බංග්ලාදේශ් පොලිසිය පවසන බව තවත් වාර්තාවකින් පැවසෙයි.
කිතුනු මිසනාරීන් විසින් පවත්වා ගෙන යනු ලබන රෝහලක සේවය කරන පූජකවරයා පාපැදියකින් ගමන් ගනිමින් සිටින අතරයි වෙඩි පහරට ගොදුරු වුණේ.
වයඹ බංග්ලාදේශයේ ‘ඩිනාජ්පූර්’ දිස්ත්‍රික්කයේ දීයි ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, ap
පූජකවරයා ගේ ජීවිතය ආරක්ෂාකාරී තත්වයක පවතින බවත් වාර්තා වෙයි.
අන්තර්ජාල ‘බ්ලොග්’ වෙබ් අඩවි පවත්වා ගෙන යන අනාගමිකවාදී මාධ්‍යවේදීන් කීප දෙනකු සහ විදේශිකයන් දෙදෙනකු පසුගිය කාලය තුළ මරා දමනු ලැබුණි.
එම තත්වය යටතේ බංග්ලාදේශය තුළ ‘ඉස්ලාමීය ප්‍රචණ්ඩ’ ප්‍රහාර දරුණු අතට හැරෙමින් පවතින බවට කනස්සල්ලක් පැතිර යමින් පවතී.








