සමලිංගික විවාහය අයර්ලන්තයටත්

ඡායාරූප මූලාශ්‍රය, Getty
අයර්ලන්ත ජනරජයේ වෙසෙන සමලිංගික සහකරුවන්ට සහ සහකාරියන්ට විවාහ වීම සඳහා නීතියෙන් අවසරය ලබා දී තිබේ.
සමලිංගික විවාහයන් සඳහා නෛතික අනුමැතිය හිමි වන්නේ ඒ සඳහා ජනමත විචාරණය පවත්වා මාස හයකට පසුවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
නීත්‍යනුකූලව විවාහ නොවී එකට වාසය කරන සමලිංගික සහකරුවන් සහ සහකාරියන් සඳහා ලියාපදිංචි විය හැකි ක්‍රමවේදයක් අයර්ලන්තය හඳුන්වා දුන්නේ 2011 වසරේදී යි.
එසේ ලියාපදිංචි වූ සමලිංගිකයන්ට නව නීතිය යටතේ කඩිනමින් විවාහය ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PA
සම ලිංගික විවාහය මේ වන විට ලෝකයේ රටවල් දහනවයක නීතිගත කොට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, GETTY




