ප්‍රංශය පුරා පොලිස් වැටලීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ප්‍රංශය පුරා දියත් කරන ලද සෝදිසි මෙහෙයුම් සහ වැටලීම්වල දී පුද්ගලයින් 23 දෙනෙකු සහ ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගත් බව ප්‍රංශ බලධාරීහු පවසති.

අත්අඩංගුවට පත් වූ විසි තුන් දෙනා ඉස්ලාමීය කැරලිකරුවන් බවට සැක කරන බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ.

මේ අතරතුර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ද පොලිස් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන අතර සැක පිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, AP

මෙම සෝදිසි මෙහෙයුම් සහ වැටලීම් දියත් වන්නේ පසුගිය සිකුරාදා පැරිස් නුවරට ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුවයි.

පැරිස් ප්‍රහාරය සිරියාවේ සිට සංවිධානය කර ඇති බවයි ප්‍රංශ අගමැතිවරයා කියා සිටියේ.

මේ අතරතුර තවත් ප්‍රහාරකයන් දෙදෙනෙකු හඳුනා ගැනීමට ප්‍රංශ පොලිසිය සමත් විය.

මේ වන විට ප්‍රහාරකයන් පස් දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් එක් අයෙකු සරණාගතයෙකු ලෙස ග්‍රීසියට ඇතුල් වූ පුද්ගලයෙක් බවට සනාථ වී තිබේ.