රුසියානු ගුවන් අනතුර: 'IS සම්බන්ධයක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, AFP
රුසියානු හදිසි ආපදා සහ ගමනාගමන අමාත්‍යවරු අද දිනයේදී ඊජිප්තුවේ දී අනතුරට ලක් වූ රුසියානු මගී යානය කඩා වැටුණු ස්ථානයට පැමිණ තිබේ.
රුසියානු මගීන් දෙසිය විසි හතර දෙනෙකු රැගත් A-321 ගුවන් බසය ඊයේ ඉස්ලාම් කැරලිකරුවන් බහුලව ක්‍රියාත්මක වන ප්‍රදේශයක් වන සිනායි අර්ධද්වීපයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුරට ලක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සියලුම දෙනා මරණයට පත් වී ඇති බවටයි විශ්වාස කරන්නේ.
යානය අනතුරට පත් වූ හේතුව තවමත් අනාවරණය වී නැති බැවින් රුසියානු ගමනාගමන සහ හදිසි ආපදා අමාත්‍යංශ වල කණ්ඩායමක් මේ වන විට ඊජිප්තු බලධාරීන් සමග යානය මෙලෙස කඩා වැටීමට හේතුව සෙවීමේ යෙදී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, EPA
යානයේ ගමන් ගත් මගීන් එකසිය හැත්තෑ පස් දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සෝදිසි කණ්ඩායම් සමත් වී ඇති අතර අනතුර සිදු වූ ප්‍රදේශයේ පුළුල් මෙහෙයුම් තවමත් සිදු වෙමින් පවතියි.
යානයට ප්‍රහාරයක් එල්ල කළ බවට ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් කරන ප්‍රකාශය ඊජිප්තුව සහ රුසියාව ප්‍රතික්ෂේප කර ඇති අතර දෙරටම පවසන්නේ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බව විශ්වාස කළ හැකි බවයි.




