රුසියානු ගුවන් අනතුර: හේතුව අපැහැදිලියි

අතර අනතුරට පත් මගීන් ගේ ඥාතීන් ට සහය වීම පිණිස සාන්ත පීටර්ස්බර්ග් ගුවන් තොටුපලේ විශේෂ මධ්‍යස්ථානයක් ද විවෘතකර තිබේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අතර අනතුරට පත් මගීන් ගේ ඥාතීන් ට සහය වීම පිණිස සාන්ත පීටර්ස්බර්ග් ගුවන් තොටුපලේ විශේෂ මධ්‍යස්ථානයක් ද විවෘතකර තිබේ

මගීන් 224 දෙනෙකු රැගත් රුසියානු මගී ගුවන් යානයක් ඊජිප්තුවේ දී අනතුරට ලක් වී තිබේ.

ඉස්ලාම් කැරලිකරුවන් බහුලව ක්‍රියාත්මක වන ප්‍රදේශයක් වන සිනායි අර්ධද්වීපයේ කඳුකර ප්‍රදේශයකට වැටී තිබුණු යානයේ කැබලි සහන සේවා කණ්ඩායම් විසින් සොයාගනු ලැබ තිබෙන බවයි වාර්තා වන්නේ.

ආපදා රථ 50 ක් ද අනතුර සිදුවූ ස්ථානය වෙත යවා තිබේ.

රතු මුහුදේ ෂාම් එල් ෂෙයික් සංචාරක කලාපයේ සිට රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.

මෙම A-321 ගුවන් බසය කොගලිමවියා (Kogalymavia) නම් රුසියානු ගුවන් සමාගමට අයත් වන අතර මගීන් සියලු දෙනා රුසියානු ජාතිකයන් බවයි වාර්තාවන්නේ.

මේ අතර අනතුරට පත් මගීන් ගේ ඥාතීන් ට සහය වීම පිණිස සාන්ත පීටර්ස්බර්ග් ගුවන් තොටුපලේ විශේෂ මධ්‍යස්ථානයක් ද විවෘතකර තිබේ.