චීනය ණය පොලිය අඩු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty
චීන මධ්‍යම බැංකුව සිය රටේ පිරිහෙමින් පවතින ආර්ථික සංවර්ධන වේගය යළි පණ ගැන්වීමේ පියවරක් වශයෙන් ප්‍රධාන පොලී අනුපාතයේ කප්පාදුවක් සිදු කර ඇත.
ණය පොලී අනුපාතය 0.25% කින් කප්පාදු කරමින් එය 4.35 %ක් බවට පත් කිරීමටයි චීන බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.
මෙය චීනය වසරකට ආසන්න කාලයක් ඇතුළත ණය පොලී අනුපාතය සංශෝධනය කරන ලද හය වැනි වතාවයි.
ඒ අතරම ණය සැපයුම පහසු කරමින් බැංකුවල පවත්වා ගෙන යනු ලබන මූල්‍ය සංචිත ප්‍රමාණය අඩු කිරීමට ද චීන මධ්‍යම බැංකුව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ආර්ථික සංවර්ධනය හිටි අඩියේ මන්දගාමීවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් චීන පාලනය තුළ පවතින මැසිවිලි ඉහත කී මූල්‍යමය ක්‍රියාමාර්ග තුලින් පිළිබිඹු කෙරෙන බවයි බේජිං නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.
එහෙත් එම ක්‍රියාමාර්ග ණය භාරයේ අධික වීමක් කෙරෙහි නැඹුරු වීමේ අනතුරකට හේතුවිය හැකි බවත් බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි.




