භාෂණයේ නිදහස ඉල්ලා ඉන්දීය ලේඛකයෝ උද්ඝෝෂණයේ

ඡායාරූප මූලාශ්‍රය, bangalore news photo
විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් තිබෙන බවට චෝදනා කරමින් සියයකට ආසන්න ඉන්දීය ලේඛක ලේඛිකාවෝ දිල්ලි අගනුවර නිහඬ පාගමනක නිරතවූහ.
විරෝධතාවයෙන් අනතුරුව සාහිත්‍ය කටයුතු සම්බන්ධ ඉන්දියාවේ ප්‍රධානම ආයතනය වන සාහිත්‍ය ඇකඩමියට පෙත්සමක් භාරදුන්නේ භාෂණයේ නිදහස සුරැකීම පිණිස මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමින්.
භාෂණයේ නිදහසට එල්ල වන තර්ජන සහ විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වයට විරෝධය පාමින් ඉන්දියාවේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් තිස් පස් දෙනකු ගතව ගිය සති කිහිපය ඇතුලත තමන්ට මෙතෙක් ලැබුණු සාහිත්‍ය සම්මාන ආපසු භාර දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, UDAY PRAKASH FACEBOOK BBC IMRAN QURESHI ASHOK VAJPAYEE
සාහිත්‍යධරයන්ට එරෙහිව එල්ලවන තර්ජන සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් ඔවුහු අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා සිටිති.
පසුගිය අගෝස්තු 30 වැනි දින 77 හැවිරිදි ආචාර්ය මල්ලෙශප්පා කල්බුර්ගි වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවයි, ඉන්දීය ලේඛකයන් මේ පෙර නොවූ විරූ ආකාරයේ විරෝධය දියත්කොට තිබෙන්නේ.
දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ විසූ ප්‍රධාන පෙලේ ලිබරල් චින්තකයකු වූ මල්ලෙශප්පා කල්බුර්ගි, ප්‍රාන්තයේ ප්‍රබල ආධිඅප්ත්යයක් උසුලන ලිංගායත් හින්දු නිකාය දැඩි විවේචනයට ලක්කළ ලේඛකයෙක්.
ඉන්දියාවේ ඉහලම සාහිත්‍ය සම්මානයක් වන සාහිත්‍ය ඇකඩමි සම්මානය සහ ඒ සමඟ පිදුණු මුදල් ත්‍යාගයද ආපසු යවන බව ප්‍රධාන පෙලේ හින්දි ලේඛකයකු වන උදායි ප්‍රකාශ් සැප්තැම්බර් 12 වැනි දා නිවේදනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ගතව ගිය වසර ඇතුලත විරුද්ධ මතවාද මඩ පැවැත්වීමේ සහ ප්‍රචණ්ඩක්‍රියා ඉහළයාම් සිය විරෝධයට හේතුව බවයි ඔහු සඳහන් කළේ.
කර්ණාටක ප්‍රාන්තයේ තරුණ ලේඛක ලේඛිකාවන් හය දෙනකුත් සිය රාජ්‍ය සම්මාන ආපසු ලබා දෙන බව සැප්තැම්බරයේදීම නිවේදනය කළහ.
ඉන් අනතුරුව 88 හැවිරිදි නයන්තරා සාගල් සහ 90 හැවිරිදි ක්‍රිෂ්ණා සොබ්ති යන ඉන්දියාවේ ප්‍රවීණතම ලේඛිකාවන් දෙදෙනක්ද ඔක්තෝබර් මුලදී ඒ උද්ඝෝෂණයට එක්වූහ.
ඉන් අනතුරුව තවත් කලාකරුවන් තිදෙනෙක් සාහිත්‍ය ඇකඩමියේ පලාක මණ්ඩලයෙන් ඉල්ලා අස්වූහ.
ඉන්දියාවේ සිවු වැනි ඉහලම ගෞරව පදක්කම වන පද්ම ශ්‍රී පදකම ආපසු ලබාදෙමින් පන්ජාබයේ ලේඛිකාවක වන දලිප් කවුර් ටිවානා මේ විරෝධතාවයට අලුතින්ම එක්වූ කලාකාරියයි.








