තුර්කිය රුසියානු ප්‍රහාරක යානයක් හරවා යවයි

රුසියානු ප්‍රහාරක යානයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ප්‍රහාරක යානයක්

තුර්කි ගුවන් කලාපය හරහා ගමන් කිරීමට තැත් කළ රුසියානු ප්‍රහාරක යානයකට බාධා කර හරවා යැවූ බව තුර්කිය පවසයි.

තුර්කි ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉහලට නංවා රුසියානු යානයේ මග අවුරා තිබේ.

රුසියාව පවසන්නේ මග වැරදීමකින් තුර්කි ගුවන් කලාපයට තම යානය ඇතුළු වී ඇති බවයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ රුසියානු යානා සිරියාවේ කැරලිකරුවන්ට බෝම්බ දැමීම සිදු වෙමින් පවතිද්දී යි.

තුර්කි ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉහලට නංවා රුසියානු යානයේ මග අවුරා තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, තුර්කි ප්‍රහාරක ජෙට් යානා දෙකක් ඉහලට නංවා රුසියානු යානයේ මග අවුරා තිබේ

තුර්කිය ඊට එරෙහි වී සිටින අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය කියා තිබුණේ රුසියාව පහර දෙන්නේ අයි එස් කැරලිකරුවන්ට නොව සිරියානු ජනාධිපතිවරයාගේ විරුද්ධවාදීන්ට බවයි.

සිරියානු ජනාධිපතිවරයාට රුසියාවේ සහයෝගය දිගටම ලැබුණු අතර තුර්කියේ උදව් උපකාර ලැබෙන්නේ සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව සටන් වදින කැරලිකරුවන්ටයි.

2011 වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මිය ගොස් ඇති පිරිස ලක්ෂ දෙකකට අධිකයි.

කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට නිසි සොයා බැලීමකින් තොරව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම සම්බන්ධයෙන් සිරියානු ජනපති බෂර් අල් අසාද්ට චෝදනා එල්ල වේ.