ඊජිප්තු සරසවියට ‘නිකාබ්’ තහනම්

ඡායාරූප මූලාශ්‍රය, b
කාන්තා අධ්‍යයන මණ්ඩල සාමාජිකාවන් ඔවුන්ගේ මුහුණ ආවරණය කෙරෙන ‘නිකාබ්’ හැඳීම තහනම් කරමින් ඊජිප්තුවේ කයිරෝ විශ්ව විද්‍යාලය නියෝගයක් නිකුත් කර ඇත.
නිකාබ් යනු කාන්තාවන් සිය දෙඇස පමණක් ඉතිරි කරමින් සිය මුහුණ සහ හිස සහමුලින්ම වැසෙන පරිදි අඳින ශීර්ෂාවරනයයි
කයිරෝ සරසවිය පවසන්නේ, එවැනි මුහුණු ආවරණය කිරීමක් ගුරුවරුන් සහ සිසුන් අතර අදහස් හුවමාරුවට බාධාවක් වන හෙයින් නිකාබ් ඇඳුම තහනම් කරන බවයි.
එවැනි පියවරක් ගනු ලැබුණ පළමු විද්‍යස්ථානය කයිරෝ සරසවියයි.
කයිරෝ සරසවි ආචාර්ය මණ්ඩලයේ කාන්තාවන් කී දෙනකු නිකාබ් මුව සහ හිස ආවරණ අඳින්නේද යන්න පැහැදිලි නැත.

ඡායාරූප මූලාශ්‍රය, n
ඉහත කී තීන්දුවට එරෙහිව අභියාචනා කළ හැකි බවත් ඊජිප්තු වාර්තා මගින් පැවසෙයි.
කයිරෝ සරසවියේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වන්නන් කියා සිටින්නේ ආගමික බලවේගයන්හි විරෝධය හමුවේ එමගින් රට තුළ ව්‍යාකූල තත්වයක් උද්ගත විය හැකි බවයි.
එම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වන්නන් කියා සිටින්නේ එමගින් රට තුළ ව්‍යාකූල තත්වයක් උද්ගත විය හැකි බවයි.








