හොංකොං කාන්තාව 'පියයුරු වලින් පහර දීලා'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සිය පියයුරු වලින් පහර දීමේ චෝදනා මත හොංකොං අධිකරණයක් විසින් කාන්තාවක් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව පුරුෂයන් සහ කාන්තාවන් දුසිම් ගණනක් තනපටවලින් සැරසී හොංකොං නුවර උද්ඝෝෂණයක නිරත වූහ.

තිස් හැවිරිදි ලැයින්ග් නම් එම කාන්තාව විරෝධතාවක නිරත වන අතර තුර චෑන් කාපෝ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් ඇයගේ පියයුරු වලින් අල්ලා තල්ලු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කාළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty

නමුත් හොංකොං අධිකරණය විසින් පොලිස් නිලධාරියාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ අතර කියා සිටියේ කාන්තාව විසින් හිතා මතාම පොලිස් නිලධාරියාට චෝදනා කිරීමේ අරමුණෙන් සිය පියයුරු ඔහු දෙසට තෙරපා ඇති බවයි.

පොලිස් නිලධාරියාට එරෙහිව සිය පියයුරු ආයුධයක් ලෙස භාවිතා කිරමින් ඔහුගේ වෘත්තීය ප්‍රතිරූපයට හානි කිරීමේ වරදට ඇයට දින පහළොවක සිර දඬුවමක්ද අධිකරණය විසින් නියම කෙරිණ.

'ආයුධයක් නොවේ'

‘කාන්තාවගේ පියයුරු යනු ආයුධයක් නොවේ’ යන උද්ඝෝෂණ පාඨය ප්‍රදර්ශනය කරමින් දෙසීයකට අධික විරෝධතා කරුවන් පිරිසක් හොංකොං පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නියැලුණු අතර පියයුරු සංකේතවත් කරමින් විරෝධතා කරුවන් තනපට වලින් සැරසී සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty

දඬුවමට යටත් වූ කාන්තාව කියා සිටියේ විරෝධතාවේ යෙදී සිටියදී ඇතිවූ ගැටුමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් සිය බෑගයෙන් ඇල්ලීමට තැත් කරන අවස්ථාවේ සිය පියයුරු ඇල්ලූ බවයි.

ඇය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට අසභ්‍ය අඩන්තේට්ටම් කළ බවට චෝදනා කර සිටියත් පොලිස් නිලධාරියා කියා සිටියේ ඇය සිය පියයුරු යොදා ගෙන තමන්ට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කරන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty

විරෝධතාවට එක්වූ ක්‍රියාධරයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ අධිකරණය විසින් ගෙන තිබෙන තීන්දුව අයුක්ති සහගත බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු අසා සිටියේ කාන්තාවකගේ පියයුරු ආයුධයක් වන්නේ කෙසේද? යන්නයි.