පිටසක්වල ජීවීන් සෙවීමට ව්‍යාපෘතියක්

ව්‍යවසායකයෙකු සහ අවදානම් දැරීමට සුදානම් ධනපතියෙකු වශයෙන් ප්‍රසිද්ධ යූරි මිල්නර්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යවසායකයෙකු සහ අවදානම් දැරීමට සුදානම් ධනපතියෙකු වශයෙන් ප්‍රසිද්ධ යූරි මිල්නර්

ඉදිරි වසර දහය තුළ විශ්වයේ මිනිසා හැරුණු කොට වෙනත් බුද්ධිමත් ජීවීන් සිටීද යන්න සෙවීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි දහයක් වෙන් කරණ බව රුසියානු ධන කුවේරයෙක් පවසයි.

එම ප්‍රකාශය කළ යූරි මිල්නර් ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘතිය හරහා දෘෂ්ටික සහ රේඩියෝ තාක්ෂණය යොදා ගනිමින් සම්පුර්ණ ක්ෂීරපථය සහ අපට අසල්වාසී ‘ගැලැක්සි’ හෙවත් තාරකා මණ්ඩල සියයක් පමණ නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙයි.

ව්‍යවසායකයෙකු සහ අවදානම් දැරීමට සුදානම් ධනපතියෙකු වශයෙන් ප්‍රසිද්ධ යූරි මිල්නර් ‘ඩිජිටල් ස්කයි ටෙක්නොලොජීස්’ සමාගමේ නිර්මාතෘවරයායි.

පිටසක්වළ ජීවීන්

මහාචාර්ය ස්ටෙෆන් හොව්කින්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ස්ටෙෆන් හොව්කින්

2010 වසරේ ‘ෆොර්චුන් සඟරාව’ මගින් නම් කළ ලොව ධනවත්ම ව්‍යාපාරිකයින් සිය දෙනා අතරින් හතළිස් හය වෙනි ස්ථානය හිමි කර ගත් යූරි මිල්නර් එම ලැයිස්තුවට ඇතුළත් වූ එකම රුසියානු ව්‍යාපාරිකයා බවට පත් විය.

ලන්ඩනයේ රාජකීය සංගමයේ පැවති එම ව්‍යාපෘතියේ එලි දැක්වීමේ උත්සවය ඇමතූ මහාචාර්ය ස්ටීවන් හෝකින් කියා සිටියේ මිනිසා හැරුණු විට බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සිටීමට සහ එවන් ජීවීන් නොසිටීමට සමාන ඉඩකඩක් පවතින අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කාලය එළඹ තිබෙන බවයි.