ගූගල් සමාගම අගමැති මෝඩිගෙන් සමාව ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, PA

ගූගල් සමාගම විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම සිදු වීමට හේතු වී තිබෙන්නේ ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස් වීමයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ගූගල් සමාගම ඇති වූ අපහසුතාව වෙනුවෙන් සමාව ඉල්ලන අතර කියා සිටියේ ඇතැම් අවස්ථා වල අන්තර්ජාලය තුල යමක් සම්බන්ධයෙන් කරුණු සොයන විට අසන ප්‍රශ්නයට අදාළ නොවන පින්තූර සෙවුම් ප්‍රතිඵල ලෙස ලබා දීමට ඉඩ ඇති බවයි.

අගමැති නරේන්ද්‍ර මොඩිගේ ඡායාරූපය දිස්ව තිබෙන්නේ ඔසාමා බින්ලාඩන්, 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරය සිදු කල සැක කරු දාවුද් ඊබ්‍රාහිම් යන පුද්ගලයන්ගේ ඡායාරූප සමගයි.