බ්‍රිතාන්‍ය රජ පවුලට බිලිඳු කුමරියක්

ඡායාරූප මූලාශ්‍රය, PA
විලියම් කුමරා ගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව ගේ දෙවැනි දරු ප්‍රශූතිය සිදු වූ බව මින් ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කරනු ලැබුණි.
කේම්බ්‍රිජ් ආර්යාව නිරෝගී දියණියක බිහි කල බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
අද (මැයි දෙවැනි දින) බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන අටයි තිහ පසු වෙද්දී කේම්බ්‍රිජ් ආර්යාව සිය බිළිඳු දූ කුමරිය බිහි කළ අතර මව සහ දරුවා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වෙන බවයි කෙන්සිංටන් මාලිගය මගින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ.
නව රාජකීය දරු උපත වාර්තා වීමත් සමඟ ඒ සඳහා බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දෙමින් පවතින අතර දරු උපත සිදු වුනේ විලියම් - කේට් යුවලගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරුන් බිහි වූ ශාන්ත මේරි ආරෝග්‍යශාලාවේදීයි.
නව කුමරිය බ්‍රිතාන්‍ය රාජ්‍යත්වට ඇති උරුමය අතින් සිව්වැනි ස්ථානය හිමි කර ගන්නීය.




