ගැටුම්වලින් මිය යන 'ඇෆ්ගනිස්තාන වැසියන්ගේ සංඛ්‍යාව ඉහළට'

ඡායාරූප මූලාශ්‍රය, Getty
සටන්වලට මැදි වී මිය යන ඇෆ්ගනිස්තාන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි.
ගැටුම් හේතුවෙන් මෙම වසරේ මුල් මාස තුන ඇතුළත සාමාන්‍ය වැසියන් හයසිය පනස් දෙනකු මරුමුවට පත් වී ඇති අතර දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ සඳහන්.
පසුගිය වසරේ මුල් කාර්තුවේ සංඛ්‍යා ලේඛන හා සැසදීමේදී එම සංඛ්‍යාව සියයට අටකින් වැඩි වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
රොකට් සහ මෝටාර් ප්‍රහාරවලට ගොදුරු වී මිය ගිය බොහොමයක් සාමාන්‍ය වැසියන්ගේ මරණවලට තාලිබාන් සංවිධානය වගකිවයුතු බව එක්සත් ජාතීන් පවසා තිබේ.
ප්‍රහාරවලට මැදි වී මරුමුවට පත් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.




