දකුණු අප්‍රිකානු වර්ණ භේදවාදී යුගයේ 'මහා යක්ෂයාට' නිදහස

ඉයුජින් ඩි කොක්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉයුජින් ඩි කොක්

ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටි දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී යුගයේ දරුණු ඝාතන කල්ලියක නායකයා වූ ඉයුජින් ඩි කොක් නිදහස් කොට තිබේ.

දකුණු අප්‍රිකානු අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ මෙම තීරණය ගනු ලැබුවේ ජාතිය ගොඩනැගීම සහ සාමුහිකත්වය යන කරුණු සැලකීමට ගැනීමෙන් බවයි.

1980 සිට 1990 මුල් භාගය දක්වා දකුණු අප්‍රිකාවේ පැවති සුදු ජාතික සුළු කොටස් විසින් ගෙන ගිය පාලන කාලයේ කළු ජාතිකයින්ට එරෙහිව සිදු කරන ලද සියයකට අධික ඝාතන සහ වද හිංසා පැමිණවීම් පිළිගැනීමෙන් අනතුරුවයි ඔහු මෙම සිර දඬුවමට ලක් වුයේ.

ඒ වකවානුව තුල ඉයුජින් ඩි කොක් දකුණු අප්‍රිකානු මාධ්‍ය මගින් හඳුන්වනු ලැබුවේ 'මහා යක්ෂයා' යනුවෙන්.

ඔහු සිර දඬුවමින් නිදහස් කිරීම, වර්ණ භේදවාදී යුගය සහමුලින්ම අවසන් කරමින් එක රටක් එක ජාතියක් ලෙස නැගී සිටීමට ලබා දෙන ආරම්භයක් වනු ඇති බවයි ඉයුජින් ඩි කොක් සහ ඔහු විසින් මෙහෙයවූ කල්ලියේ අපරාධ වලට ගොදුරු වූ සමහර පවුල් වල ඥාතීන් පවසන්නේ.