ඔබාමා සහ මෝදි අතර නව හාදකම්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික බල ශක්ති සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා එකඟතාවකට පැමිණි බව දෙරටේ නායකයෝ නිවේදනය කරති.
මෙය කාලාන්තරයක් තිස්සේ කල් යමින් පැවති මෙම බලාපොරොත්තුව සඵල වූ බවත් සය වසරකට පෙර අත්සන් තැබූ ගිවිසුම ක්‍රියාත්මක කර වීමට පියවර ගත් බවත් ජනාධිපති ඔබාමා සහ අගමැති මෝදි නිවේදනය කළේ මාධ්‍ය හමුවක් අමතමින්.
දෙරටේ ආරක්ෂාව පිළිබඳව ද නව ව්‍යාපෘති ඇති කර ගනිමින් සහයෝගීතා වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ඉන්දියාවේ සංචාරයක යෙදෙන එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා මෙහිදී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
පරිසර හිතකාමී බල ශක්ති උත්පාදනය වර්ධනය කිරීම සඳහා ඉන්දියාවට සහයෝගය ලබා දීමට ද ජනාධිපති ඔබාමා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
ඇමරිකානු ජනාධිපතිවරයෙකු සිය ධූර කාලය තුළ දෙවරක් ඉන්දියාවේ සංචාරය කල ප්‍රථම අවස්තාව මෙයයි.
එමෙන්ම ඉන්දියාවේ ජාතික දින උත්සවයකට සහභාගී වන ප්‍රථම එක්සත් ජනපද ජනාධිපතිවරයා වන්නේ ද ජනාධිපති බරක් ඔබාමා යි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters




