ජැමෙයිකාවේ ගංජා නීතිය ලිහිල් කිරීමට පනතක්

ආගමික වතාවත් සඳහා ගංජා යොදා ගන්නා ජැමෙයිකාවේ රස්ටෆාරියන් (Rastafarian) ප්‍රජාව

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආගමික වතාවත් සඳහා ගංජා යොදා ගන්නා ජැමෙයිකාවේ රස්ටෆාරියන් (Rastafarian) ප්‍රජාව

කංසා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමට අවසර ලබා දෙමින් ජැමෙයිකාවේ කැබිනට් මණ්ඩලය නව පනතක් සම්මත කර ගනී.

මේ අනුව ආගමික වතාවත් සඳහා ඖෂධයක් වශයෙන් කංසා යොදා ගන්නා ජැමෙයිකාවේ රස්ටෆාරියන් (Rastafarian) ප්‍රජාවට නීත්‍යානුකුලව ගංජා පානය කිරීමේ නිදහස හිමි වෙයි.

අවසර පත්

මීට අමතරව ඖෂධීය සහ චිකිත්සක අවශ්‍යතා සඳහා කංසා නොහොත් ගංජා වගා කිරීමට, බෙදා හැරීමට සහ වෙළඳාම් කිරීමට අවසර පත් ලබා දීම සඳහා අධිකාරියක් පිහිටුවීම ද අලුත් පනත හරහා සිදු කෙරෙයි.

නමුත් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගංජා පානය කිරීම සඳහා පවතින තහනම තව දුරටත් ක්‍රියාත්මක වනු ඇත.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද නව පනත ජැමෙයිකාවේ සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගංජා පානය කිරීම තහනම්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගංජා පානය කිරීම තහනම්