බුද්ධගයාව අසල දී ජපන් ශිෂ්‍යාවක් දුෂණය කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
ජපන් ජාතික ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් මසකට වැඩි කාලයක් වරින්වර දුෂණය කිරීම පිළිබඳව මිනිසුන් පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඉන්දියාවේ කල්කටා නගරයේ සහකාර පොලිස් අධිකාරී පල්ලාව් කාන්ති ඝෝෂ් පවසන ආකාරයට විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු සංචාරක මග පෙන්වන්නන් ලෙස මෙම ජපන් යුවතිය වෙත පැමිණ පැහැර ගෙන ගොස් විවිධ තැන්වල රඳවා තබා ගනිමින් දුෂණය කරතිබේ.
මෙසේ රඳවා තබා ගත් එක ස්ථානයක් ඇත්තේ බෞද්ධයන්ගේ පුජනීයතම සිද්ධස්ථානයක් වන බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාව අසලයි.
පළමුව බරණැස ප්‍රදේශයට පැන ගැනීමට සමත් වූ මෙම ජපන් ජාතික ශිෂ්‍යාව පසුව කල්කටාවට පැමිණ ජපන් තානාපති කාර්යාලය ඔස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඉන්දියානු පොලීසිය පවසන්නේ සංවිධානය වූ කල්ලියක් තනිව සිටින කාන්තාවන් තම ඉලක්කය කරගන්නා බවයි.




