ඇසෑම බෙදුම්වාදීහු පනස් දෙනෙකු මරා දමති

නැගෙනහිර ඇසෑමයේ බෙදුම්වාදී කැරලිකරුවන් විසින් පුද්ගලයන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් මරා දමනු ලැබූ බව දැනගන්නට ලැබී ඇතැයි ඉන්දියානු පොලීසිය පවසයි.
අඟහරුවාදා රාත්‍රී කාලයේ ‘බෝදෝ’ සන්නද්ධ කරුවන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් ඉන්දියාවේ භුතාන දේශ සීමාවට අසන්න ගම්මානයකට ට සැලසුම්සහගත ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ නිදාසිටි ගම්වැසියන් ඔවුන්ගේ කුඩා අතුපැල වලින් ඉවතට ගෙන වෙඩිතබා මරා දමා ඇති බවයි.
මෙසේ ඝාතනයට ලක්වූ පිරිසෙන් අඩක් පමණ කාන්තාවන් සහ ළමුන් බවටයි වාර්තා වන්නේ.
ඉන්දියානු ස්වදේශ කටයුතු පිලිබඳ ඇමති රාජ්නාත් සිං අද ඇසැමයට යාමට නියමිතව තිබෙන අතර ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී විසින් මෙම සමුහ ඝාතනය හෙළා දකිනු ලැබ තිබේ.




