හොලිවූඩ් නළු රොබින් විලියම්ස් මිය යයි

ඡායාරූප මූලාශ්‍රය, afp

ප්‍රකට හොලිවුඩ් නළු සහ ප්‍රහසන රංග ශිල්පී රොබින් විලියම්ස් මිය ගිය බව කැලිෆෝනියාවේ පොලිසිය නිවේදනය කරයි.

සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි තම නිවසේ සිටියදී දිවි හානි කර ගෙන ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

මිය යන විට හැට තුන් වැනි වියේ පසු වුනු රොබින් විලියම්ස් රඟපෑ ගුඩ් මෝර්නිං වියට්නාම් (Good Morning Vietnam) සහ ඩෙඩ් පොයට්ස් සොසයටි (Dead Poets Society) වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය වූ අතර ගුඩ් විල් හන්ටිං (Good Will Hunting) චිත්‍රපටයේ ඔහු නිරූපනය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය හිමි විය.

රොබින් විලියම්ස් වසර කිහිපයක් තිස්සේ මත් ද්‍රව්‍ය සහ මත් පැන් පානයට ඇබ්බැහි වී සිටි අතර මෑතකදී යළිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු වූ බවත් මානසික අවපාතයෙන් පෙළුණු බවත් වාර්තා වෙයි.

ගුඩ් විල් හන්ටිං (Good Will Hunting) චිත්‍රපටයේ රොබින් විලියම්ස් (මැද) නිරූපනය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුඩ් විල් හන්ටිං (Good Will Hunting) චිත්‍රපටයේ රොබින් විලියම්ස් (මැද) නිරූපනය කළ චරිතය වෙනුවෙන් ඔස්කාර් සම්මානය
රොබින් විලියම්ස් සිය බිරිඳ සුසන් ශ්නෙද්‍රා සමඟ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රොබින් විලියම්ස් සිය බිරිඳ සුසන් ශ්නෙද්‍රා සමඟ