හාලෝන් වැසි කුණාටුවෙන් ජපානයට දැඩි හානි

ඡායාරූප මූලාශ්‍රය, AFP
දැඩි හානි සිදු කරමින් ජපානය පුරා හමා යන නිවර්තන වැසි කුණාටුව හේතුවෙන් දසලක්ෂයකට වැඩි පිරිසකට තම නිවාසවලින් ඉවත් වෙන ලෙස නියෝග කර තිබේ.
පැයට කිලෝමීටර සීයක පමණ වේගයෙන් හමා යන හාලෝන් කුණාටුවට මැදි වීමෙන් එක් අයෙක් මිය ගොස් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජපානයේ ජාතික නිවාඩුව ආරම්භයේ හමා ආ කුණාටුව හේතුවෙන් සිය ගණනක් වූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.
කුණාටුවට අමතරව ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ භූමි කම්පාවක්ද ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.




