චීනයේ කෙටි පණිවුඩ වාරණ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෙටි පණිවුඩ යැවීමට භාවිතා කරන ගිණුම් (apps) තමන්ගේ අනන්‍යතාවය සහතික කොට තම නමින් ලියාපදිංචි කළ යුතු යැයි චීනය නව නීති පණවා තිබේ.
ඊට අමතරව අන්තර්ජාල ගිණුම් ඔස්සේ දේශපාලන මත හෝ ඒ සම්බන්ධ අදහස් පළ කිරීමට පෙර ඊට අනුමැතිය ලබා ගත යුතු වේ.
චීන මාධ්‍ය වාර්තා කරන්නේ ‘වී චැට්’ (WeChat) වැනි චීනයේ ප්‍රචලිත කෙටි පණිවුඩ ක්‍රම භාවිතා කරන්නන්ට නව නීතිය යටතේ 'සමාජවාදී ක්‍රමය' ආරක්ෂා කරන බවට සහතික වෙමින් එකඟතා පත්‍රයක් අත්සන් කිරීමටද සිදු වන බවයි.
මේ අතර විදෙස් රටවල් වලට දුරකථන ඇමතුම් ලබා දිය හැකි ‘කකාඕ ටෝක්’ නමින් හඳුන්වන දකුණු කොරියන් සමාගමකට අයත් දුරකථන ජාලයද චීනය තුල අත්හිටුවා ඇති බව එම සමාගම පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
පසුගිය වසර දෙක තුල චීනය අන්තර්ජාල ලිපි පළ කෙරෙන පිටු තහනම් කිරීමේ සහ වාරණ පැනවීමේ යෙදී සිටින අතර මේ වන විට අන්තර්ජාල භාවිතයට දැඩි සම්බාධක ක්‍රියාත්මක වෙයි.
චීනය ‘ෆේස්බුක්’ සහ ‘ට්විටර්’ වෙබ් අඩවි සම්පුර්ණයෙන් තහනම් කිරීමටමින් පෙර පියවර ගනු ලැබීය.
චීනයේ ජාතික අන්තර්ජාල තොරතුරු මධ්‍යස්ථානය මගින් නව නීති ප්‍රකාශයට පත් කර ඇති අතර එළඹෙන බ්‍රහස්පතින්දා සිට එම නීති බල පැවැත්වෙන බවයි චීනයේ ජාතික මාධ්‍ය ජාලය පවසන්නේ.
එම නීති රෙගුලාසි චීන ප්‍රජාව අතර ඉතා ජනප්‍රිය පුවත් පළ කිරීමට යොදා ගන්නා අන්තර්ජාල පොදු ගිණුම් වලටත් බල පැවැත්වෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.








