පූජකයන්ගෙන් සියයට දෙකක් 'ළමා අපයෝජකයන්'

ඡායාරූප මූලාශ්‍රය, AP
කාදිනල්වරුන් ඇතුළු කතෝලික පල්ලියේ සියලු පූජකවරුන් ගෙන් සියයට දෙකක් ළමා ලිංගික අපයෝජකයන් යයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇස්තමේන්තු කරන බව ඉතාලියේ පුවත්පතක් පවසයි.
පූජකවරුන්ගේ ළමා අපචාර, ලාදුරු රෝගය වැනි බරපතළ රෝගයක් බව පාප් වහන්සේ සඳහන් කළ බවයි රිපබ්ලිකා පුවත්පත පවසන්නේ.
රෝමානු කතෝලික පූජකවරුන්ට විවාහ වීම තහනම් කෙරෙන වත්මන් නීති රීති ද ඉතා ඉක්මනින් වෙනස් වනු ඇතැයි ෆ්‍රැන්සිස් පාප් තුමා එහිදී සඳහන් කළ බවත් එම පුවත්පතේ සඳහන්.
එහෙත් පුවත්පත පාප් වහන්සේගේ වචන එලෙසින්ම වාර්තා කොට නැති බවයි, උන් වහන්සේගේ ප්‍රකාශකයෙක් පවසන්නේ.




