මිහි පිට සිටි 'විශාලතම පක්‍ෂියා'

පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති පක්‍ෂියා

ඡායාරූප මූලාශ්‍රය, LizBradford

ඡායාරූප ශීර්ෂ වැකිය, පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති පක්‍ෂියා

මීට වසර තිහකට පෙර හමු වූ පොසිල ආධාරයෙන් ලොව සිටි විශාලතම පක්‍ෂියා හඳුනා ගැනීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත් වෙති.

දැනට මිහි පිට සිටින විශාලතම පක්ෂියා වන අල්බට්‍රොස් මෙන් දෙගුණයක් පමණ විශාල වූ මෙම පක්‍ෂියා තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඡායාරූප ශීර්ෂ වැකිය, තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව

වසර මිලියන විසිපහකට පෙර මෙලොව ජීවත් වූ මෙම පක්‍ෂියා රුව පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති අතර එය දර්ශනීය සැහැල්ලු ගුවන් යානයක ස්වරූපයක් ගනී.

නමුත් මෙම පක්‍ෂියා විශාලත්වය හා බර සැලකිල්ලට ගැනීමේදී ගුවන් ගත වීම සහ යළි පොළොවට වැසීම ඉතා දුෂ්කර කාර්යයක් වන්නට ඇති බවයි විද්‍යාඥයන්ගේ මතය.