ලෝක කුසලාන පළමු තරඟයේ ජය බ්‍රසීලයට

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය බ්‍රහස්පතින්දා බ්‍රසීලයේ සාඕපෝලෝ නගරයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වූ ලෝක පාපන්දු ශූරතාවලියේ පළමු ජය වාර්තා කිරීමට බ්‍රසීලය සමත් විය.
ක්‍රෝඑශියාවට එරෙහිව පැවති එම තරඟයේ දී සත්කාරක රට වන බ්‍රසීලය ගෝල තුනක් ලබා ගත්තේ ය.
ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරඟය ඇතුළු තරඟ තුනක් අද පැවැත්වීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
සමාරම්භක උළෙල විචිත්‍රවත් කරමින් පැවති සංදර්ශනයට නර්තන ශිල්පීන් 660 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර පාපන්දු තේමා ගීතය ගයනු ලැබුවේ ලෝක ප්‍රකට ගායන ශිල්පීන් වන ජෙනිෆර් ලෝපේස් සහ පිට් බුල් විසිනි.
මාසයක් පුරා පැවැත්වෙන තරඟාවලියට රටවල් තිස් දෙකක් සහභාගී වී සිටිති.
දහස් ගණන් බ්‍රසීල පාපන්දු ලෝලීන් වීථි පුරා සාද පවත්වමින්, නටමින්, ගයමින් බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ පළමු ජයග්‍රහණය සැමරූ ආරම්භක දිනයේ සාර්ථකභාවය පිළිබඳ ව බ්‍රසීල ආණ්ඩුවත්, අන්තර් ජාතික පාපන්දු සංගමයත් සතුට පළ කළහ.
පාපන්දු උළෙල සඳහා දැවැන්ත මුදලක් වියදම් කර ඇතැයි කියා සිටිමින් ඊට එරෙහි සමහර කොටස් බ්‍රසීලයේ ප්‍රධාන නගර වල විරෝධතා ව්‍යාපාර පවත්වනු ලැබූහ.




