මිලියන භාගයක් ජනතාව මොසුල් නුවර හැරයති

ඡායාරූප මූලාශ්‍රය, AP
ඉරාකයේ මොසුල් නුවර ඉස්ලාම් අන්තවාදීන් විසින් අත්පත් කර ගනු ලැබීමෙන් පසු මිලියන භාගයක් පමණ ජනතාව නගරයෙන් පලාගොස් ඇතැයි පැවසේ.
නගරය මුළුමනින්ම සියතට ගත ඉරාකයේ සහ ලෙවන්ට් කලාපයේ ඉස්ලාමීය සටන් කරුවෝ තවත් ඉදිරියට ඇදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව පවසන්නේ එය මුළු කලාපයේම ආරක්ෂාවට තර්ජනයක් බවයි.
අල් ක්වයිදා සංවිධානයෙන් ම බිහිවූ කණ්ඩායමක් ලෙස සැලකෙන ISIS නොහොත් ඉරාකයේ ඉස්ලාමීය සටන් කරුවෝ දැනටමත් නැගෙනහිර සිරියාවේ මෙන්ම බටහිර සහ මධ්‍යම ඉරාකයේ සැලකියයුතු භූමි භාගයක් පාලනය කරති.
දැන් ඔවුන් ඉරාකයේ කිර්කුක් සහ සලහෙදින් ප්‍රාන්ත වල නගර ඔස්සේ ඉදිරියට ඇදී ඇති බවයි පැවසෙන්නේ.
තත්වය යහපත් අතට පත්කර ගැනීම සඳහා සුනි සුළු ජාතිකයන් සමග එක්ව කටයුතු කරන්නැයි ෂියා ජාතික ඉරාක අගමැති නුරි අල් මලිකි ගෙන් ඇමරිකාව ඉල්ලා තිබේ.
අගමැති මලිකි ගේ සුළු ජාතිකයන් නොසලකා හැරීමේ ප්‍රතිපත්ති මෙම ජාතීන් දෙක අතර ගැටුම් වලට හේතු වී ඇතැයි පැවසේ.




