යුක්රේනයේ නව නායකයාට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
කෝටිපති ව්‍යාපාරික පෙත්‍රෝ පරෂේන්කෝ යුක්රේනයේ නව ජනාධිපතිවරයා හැටියට පත්ව සිටියි.
රට තුළ සාමය සහ එක්සත් භාවය සහතික කරන බවට නව ජනාධිපති පරෂේන්කෝ ප්‍රතිඥාවක් දී ඇත.
සිය අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස ඉදිරි සති කීපය ඇතුළත රුසියාවේ නායකයන් මුණ ගැසීමට තමා බලාපොරොත්තු වෙන බවත් යුක්රේනයේ නව නායකයා පවසයි.
මේ අතර ප්‍රකාශයක් කරන රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රොෆ් , කියා සිටියේ , යුක්රේනයේ නව ජනාධිපති පෙත්‍රෝ පරෂේන්කෝ සමඟ සාකච්ඡා කිරීමට තමරට සූදානම් බවයි.
නැගෙනහිර බෙදුම්වාදීන්

ඡායාරූප මූලාශ්‍රය, AFP
එහෙත් නව ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් බෙදුම්වාදීන්ට එරෙහිව බලය පාවිච්චි නොකළ යුතු බවට සෙර්ගේයි ලව්රොෆ් අනතුරු ඇඟවීමක් ද කරයි.
සියයට පනස් හතරකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජනාධිපතිවරණය ජය ගත් පෙත්‍රෝ පරෂේන්කෝ පවසන්නේ, හමුදා මෙහෙයුම් වලට තම සහයෝගය දෙන ලද නමුත් එය වඩාත් සාර්ථකව මෙහෙයවීම සිය උවමනාව වූ බවයි.
නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් සන්නද්ධ කොටස් මේ අතර දිගටම ඔවුන්ගේ ක්‍රියාවන්හි නිරත වෙමින් සිටින බවත් වාර්තා වෙයි.
ඊයේ සඳුදා ‘දනියේෂ් ‘ප්‍රධාන ගුවන් තොටුපලට කඩා වැදුණ සන්නද්ධ කණ්ඩායම් ගුවන් තොටුපල බලහත්කාරයෙන් වසා දැමූහ.








