පකිස්තාන අගමැති මෝඩි ගේ ඇරැයුම පිළිගනී

ඉන්දු- පකිස්තාන දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් පකිස්තානු නායක නවාස් ෂරීෆ් ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර හැත්තෑවකට ආසන්න කාලයකට පසු ඉන්දියාව හා පකිස්තානය යන දෙරටේම අගමැතිවරයකු විසින් මෙවැනි උත්සවයකට කෙරුණු ආරාධනයක් පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.
වසර හයකට පෙර, අවි ගත් පකිස්තානුවන් පිරිසක් විසින් මුම්බායි හි දී සිදු කළ ඝාතනයෙන් පසු දෙ රට අතර සබඳතාවන් පැවතියේ යහපත් මට්ටමක නොවේ.
පකිස්තානු නායක ෂරීෆ් විසින් ගනු ලැබ ඇත්තේ ඉතා අසීරු තීරණයක් බව සඳහන් කරන ඉස්ලාමාබාද් නුවර බී බී සී වාර්තාකරු පවසන්නේ ඉන්දියාව සමග සබඳතා වැඩිදියුණු වීම පකිස්තානු හමුදාවේ නොසතුටට හේතු විය හැකි බවයි.




