බෝල්කන් ජල ගැල්මට අන්තර්ජාතික සහන මෙහෙයුම්

ඡායාරූප මූලාශ්‍රය, AFP
බොස්නියාවේ සහ සර්බියාවේ ජල ගැල්මෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේ අන්තර්ජාතික මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.
යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් විපතට පත් වුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
සර්බියාවේ අගමැති අලෙක්සන්දර් වුසික් පවතින තත්වය විස්තර කරමින් කියා සිටියේ තවදුරටත් සහන සැලසීම් අවශ්‍ය බවත් ඒ අතර ආහාර, ඇඳුම් හා පානීය ජලය විශේෂයෙන් උවමනා කර තිබෙන බවයි.
මැසිඩෝනියාවේ හා ස්ලෝවේනියාවේ වෙසෙන ජනතාව සහන සේවකයන්ට උදව් කිරීම සඳහා ගංවතුරෙන් හානි වූ ප්‍රදේශවලට පැමිණෙන බව බෙල්ග්‍රේඩ් හි බීබීසී වාර්තාකරු පැවසීය.
මේ වන විට ගංවතුර තත්වය පහව යමින් තිබුනත් බලධාරීන් අනතුරු අඟවන්නේ සති අග වන විට තවදුරටත් වැසි වැටෙනු ඇති බවයි.
ගංවතුර හේතුවෙන් මේ වන විට මිය ගිය පිරිස හතළිහකට අධික බවයි වාර්තා වන්නේ.




