පරාජයේ වගකීම භාරගන්නවා - සෝනියා

'පක්ෂයේ උප නායකයා හැටියට පරාජයේ වගකීම මම භාර ගන්නවා'

ඡායාරූප මූලාශ්‍රය, AFP GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, 'පක්ෂයේ උප නායකයා හැටියට පරාජයේ වගකීම මම භාර ගන්නවා'

දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ පාලනය හෙබැවූ කොන්ග්‍රස් පක්ෂයට මෙවර මැතිවරණයේදී දරුණුම පරාජයට මුහුණ දුන්නේය.

භාරතීය ජනතා පක්ෂයට පාර්ලිමේන්තු ආසන 285 ක් හිමි වෙද්දී, කොන්ග්‍රස් පක්ෂයට හිමි වනු ඇතැයි සැලකෙන්නේ ආසන පනහකට අඩු ප්‍රමාණයක්.

මෙය තීරණාත්මක තීන්දුවක් ලෙසින් විග්‍රහ කළ කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි පරාජයේ වගකීම බාර ගන්නා බවත් සඳහන් කළාය.

ඇයගේ පුත් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි කියා සිටියේ පක්ෂයේ පරාජය මගින් තමන්ට බොහෝ දේ සිතන්නට බල කොට තිබෙන බවයි.

"මුලින්ම මම කැමතියි අලුත් ආණ්ඩුවට සුභ පතන්න. ඔවුන්ට අපේ රටේ ජනතාව වරමක් දීල තියෙනවා. ඒ නිසා මම අලුත් ආණ්ඩුවට සුභ පතනවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අපි ගැන කිවුවොත් කොන්ග්‍රස් පක්ෂය දරුණු පරාජයක් ලබල තියෙනවා. අපිට දැන් මේ ගැන හොඳින් හිතා බලන්න වෙනවා. පක්ෂයේ උප නායකයා හැටියට ඒකෙ වගකීම මම භාර ගන්නවා."

ප්‍රධාන විපක්ෂය ලෙසින් පිළිගැනීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් හෝ දිනා ගැනීමට කොන්ග්‍රස් පක්ෂය සමත් වනු ඇති බවයි, විශ්ලේෂකයන් පවසන්නේ.