ලෝක බලවතුන්ගෙන් රුසියාවට දැඩි බලපෑම්

ඡායාරූප මූලාශ්‍රය, AP
මොස්කව් අනුග්‍රහයෙන් රුසියාවට ක්‍රිමියාව ඈඳා ගැනීම නීති විරෝධී බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් යෝජනාවක් අනුමත කරන ලදී.
යෝජනාව අනුමත වුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 14 සිට 18 දක්වා වූ ණය මුදලක් ලබා දීමට එකඟ වීමෙන් පසුවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
රුසියාවට හිතවත් හමුදා යුක්රේනයේ දකුණු අර්ධද්වීපය බද්ධ කර ගැනීමෙන් පසුව රුසියාව සහ බටහිර ජාතීන් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වී තිබේ.
සම්බාධක
තව දුරටත් යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට එරෙහිව යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අනතුරු ඇඟවීය.
මේ අතරතුර, යුක්රේනයේ පවතින තත්වය පිළිබඳව රටේ ජනතාවගේ අදහස දැන ගැනීම සඳහා රටේ සෑම කලාපයකම ජනමතවිචාරණයක් පවත්වන මෙන් බලයෙන් පහ කළ යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් ඉල්ලා සිටියේය.
ඔබාමා
රුසියාවට පලා ගොස් සිටින ඔහු තව දුරටත් කියා සිටියේ එමගින් රටේ ස්වාධිපත්‍යය රැකෙන අතර රට ස්ථාවර වන බවයි.
ජනාධිපති ඔබාමා රුසියාවෙන් ඉල්ලා සිටියේ යුක්රේන දේශසීමාව අසලින් සිය හමුදා ඉවත් කර යුක්රේනය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙසයි.
දේශසීමාව අසල හමුදා වැඩි කිරීම තුලින් යුක්රේනය තැති ගැන්වීමට රුසියාව දරන ප්‍රයත්නයක් හෝ වෙනත් පියවරක පෙරනිමිත්තක් පෙන්නුම් කර ඇති බවද ජනාධිපති ඔබාමා පැවසුවේය.








