ක්‍රිමියාව රුසියාවට අවශ්‍ය 'යුදමය අවශ්‍යතාවලට'

දෙවැනි ලෝක යුද්ධයේ සිට යුද මූලෝපායික වටිනාකමක් සහිත යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය අත් පත් කර ගැනීම රුසියාවේ අභිප්‍රාය වී තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

ක්‍රිමියාව තවදුරටත් යුක්රේනය යටතේ පැවතිය යුතුද, නොඑසේනම් එය රුසියාවේ සෘජු පාලනයට නතු විය යුතුද යන්න විමසන <link type="page"><caption> ජනමත විචාරණය</caption><url href="http://www.bbc.co.uk/news/world-europe-26598832" platform="highweb"/></link> ඉරිදා පැවැත්වුණු අතර, එහි මුල් පදිංචිකරුවන් සේ සැලකෙන තතාර් ජාතිකයන් ඡන්දය දීමෙන් වැලකී සිටි බවයි හර්කොෆ් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන සුසන්ත ගමගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

හර්කොෆ් නගරයේද රුසියාවට පක්ෂ සහ විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් හට ගත්තේය

ඡායාරූප මූලාශ්‍රය, Slava Mavrichev

ඡායාරූප ශීර්ෂ වැකිය, හර්කොෆ් නගරයේද රුසියාවට පක්ෂ සහ විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් හට ගත්තේය

ක්‍රිමියා ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කොට තිබෙන්නේ රුසියාවට පක්ෂපාතී ජනතාව පමණක් බවද සුසන්ත ගමගේ සංදේශයට පැවසීය.

ක්‍රිමියාවේ බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනත් රුසියානු ජාතිකයන් බහුතරයක් පිරිසක් වෙසෙන නැගනහිර යුක්රේනයේ හර්කොෆ් නගරයේ පසුගිය දින කිහිපය ඇතුලත ගැටුම්වලින් සිවු දෙනකු මරුමුවට පත් වූ බවත් ඔහු සඳහන් කළේය.

'අවිනිශ්චිත වාතාවරණයක්'

ජනමත විචාරණය හේතුවෙන් හර්කොෆ් ඇතුළු නැගෙනහර යුක්රේනයේ නගරවලද කිසියම් අවිනිශ්චිත වාතාවරණයක් ඇතිවිය හැකි බව ඔහුගේ මතයයි.

'යුක්‍රේනය බටහිරට ගැති වෙද්දි ක්‍රිමියාව රුසියාවට ගැති වෙනවා'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'යුක්‍රේනය බටහිරට ගැති වෙද්දි ක්‍රිමියාව රුසියාවට ගැති වෙනවා'

"නමුත් රුසියාවට මෙම නගර තමන් සතු කර ගැනීමේ විශාල අදහසක් තිබෙන බවට සාක්ෂි නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ජනමත විචාරණය නීති විරෝධී බව බටහිර රටවල තර්කය වී තිබේ.

එහෙත් <link type="page"><caption> සංදේශයේ ෆේස්බුක් අඩවිය</caption><url href="https://www.facebook.com/BBCSinhala?ref=hl" platform="highweb"/></link> ඔස්සේ අදහස් දක්වන ඉඳුනිල් පෙරේරා පවසන්නේ එය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ජනමත විචාරණයක් බවයි.

"මොනවා උනත් ලෝක බලවතුන් ගේ ආධිපත්‍යයට පොඩි රටවල් වලට යට වෙන්න වෙනවා," යනුවෙන් ධනුෂ්ක එරෙගොඩ සටහන් කොට තිබුණි.

"යුක්‍රේනය බටහිරට ගැති වෙද්දි ක්‍රිමියාව රුසියාවට ගැති වෙනවා... කාටත් වාසියක් නැහැ.. බලවතුන් ට හැර,"යනුවෙන්ද ඔහු පවසයි.

යුක්රේනයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් විදේශිකයන් අතවරයට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැති බවද සුසන්ත ගමගේ සංදේශයට කියා සිටියේය.