කැස්බෑ මරණ ගැන ට්‍රෝලර් යාත්‍රිකයන්ට චෝදනා

ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයේ බටු කැස්බෑවන් සිය ගණනින් මරා දැමීම පිළිබඳව මහා පරිමාන ධීවර කර්මාන්තය වග කිව යුතු බව පරිසර සංරක්ෂණ වේදීහු හා වනජීවී නිලධාරීහු පවසති.
එරමුදු කැස්බෑවන් නමින්ද හැඳින්වෙන බටු කැස්බෑවන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය බිජු දමන සමය බවයි කැස්බෑ සංරක්ෂණයේ යෙදෙන <link type="page"><caption> TREE FOUNDATION</caption><url href="http://www.treefoundationindia.org/STC/index.htm" platform="highweb"/></link> පදනම පවසන්නේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක් වී කැස්බෑ ආරක්ෂක බලකායක් ලෙස දිවා රෑ මුර සංචාරයේ යොදවා තිබෙන ධීවර ප්‍රජා බලකායට අටසියයකට වැඩි බටු කැස්බන් ගේ මළ සිරුරු හමු වූ බවයි පදනමේ සභාපතිනි සුප්‍රජා ධරිනි බීබීසී දෙමළ සේවයේ සදාත් අහමඩ් බකීර් ට කියා සිටියේ.

වඳ වී යමින් ඇති එරමුදු කැස්බෑවුන් මෙතරම් විශාල සංඛ්‍යාවක් ඉන්දීය වෙරළෙහි එකවර මරා දමනු ලැබ තිබෙනු මෑත අවුරුදුවල දුටු පළමු වතාව මෙය යයි විශේෂඥයෝ පවසති.
වෙරළ තීරය දිගේ වෙසෙන ධීවර ප්‍රජාව ගෙන් එක් රැස් කරගත් තොරතුරු වලට අනුව පෙබරවාරි 17-18 දෙ දින ට්‍රෝලර් යාත්‍රා පනහකට ආසන්න සංඛ්‍යාවක් කිලෝමීටර් දහයක් පමණ දියඹේ මසුන් මැරීමේ නිරත වී තිබෙන බව TREE FOUNDATION පදනම විසින් හෙළි කොට තිබේ.
ගොදුරු බිමක්
මේ මුහුදු කලාපයේ බහුලව වෙසෙන ඉස්සන් නීති විරෝධී අයුරින් හෝ අල්ලා ගැනීමට ට්‍රෝලර් කරුවන් පැමිණ ඇති බව යි පදනමේ විශ්වාසය.
ඉස්සන් ගහන පෙන්නා මෝය ඉතා ඉහළ ජෛව විවිධත්වයක් සහිත පෝෂ්‍ය පදාර්ථ බහුල කලාපයක් බව TREE පදනමේ සභාපතිනිය ප්‍රකාශ කරන්නීය.
ඒ නිසා ගොදුරු සොයා ඒ කරා පැමිණ සිටි කැස්බෑවුන් ද ට්‍රෝලර් දැල් වල පැටලී මිය යන්නට ඇති බව යි සුප්‍රජා ධරිනි පැවසුවේ.
“ පෙබරවාරි දහය පහළොව අතර රංචු පිටින් කැස්බෑවන් දෙ ලක්ෂයකට වැඩිය ඔරිස්සාවේ රිශිකුලියා වෙරළට පැමිණ සිටියා බිත්තර දාන්න. බිත්තර දාලා ආපහු යන සමහර කැස්බෑවන් මෙතන කෑමට ඇවිත් හිටියා වෙන්න පුළුවන්. ඒ වගේම නෙල්ලුර් වල බිත්තර දාන්න යන කැස්බෑවොත් මේ කලාපයේ ඉන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි 800 කට වැඩි විශාල ගණනක් මේ ට්‍රෝලර් දැල් වල පැටලිලා මැරිලා තියෙන්නේ.”
පැටලෙන කැස්බෑවුන් ට ගැලවී යා හැකි ආම්පන්න මාළු දැල් වල සවි කළ යුතු වුවත් ට්‍රෝලර් කරුවන් එම රෙගුලාසි නො තකා කටයුතු කරන බවයි සුප්‍රජා ධරිනි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








