මිහිතලය රත්වීම 'මිනිස් ක්‍රියාකාරකම් නිසා'

ඡායාරූප මූලාශ්‍රය, Getty
මිහිතලය රත්වීම වැළැක්වීම පිණිස සියලු පියවර ගන්නා මෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති සමුළුවක් අමතමින් කථා කරමිනුයි, ඔහු එම ඉල්ලීම කළේ.
ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වේගයෙන් කාලගුණය වෙනස් වෙමින් තිබෙන බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි තිබෙන බවද රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේය.
"සියලුම විද්‍යාඥයන්ගෙන් සියයට 97 ක්ම කිසියම් දෙයක් සම්බන්ධයෙන් එකඟ වෙනවා නම්, අපි ඔවුන්ට කන් දිය යුතුයි. අපි ඒකට ප්‍රතිචාර දැක්විය යුතුයි," යනුවෙන්ද ජෝන් කෙරී පැවසීය.
"මිහිතලය රත්වීම සිදු වන බව සහ එයට මනුෂ්‍ය ක්‍රියාකාරකම් වග කිව යුතු බව පරිසර විද්‍යාඥයන් 97 ක් ම සනාථ කරලා තිබෙනවා."
2015 වන විට මිහිතලය රත්වීම සම්බන්ධ ඓතිහාසික සම්මුතියක් ඇති කර ගැනීම ජෝන් කෙරීගේ උත්සාහයයි.




