තාලිබාන් සිරකරුවන් හැට පහක් නිදහස්

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇෆ්ගන් ජනාධිපතිවරයා ගේ නියෝගය පරිදි සිරකරුවන් හැට පස් දෙනෙකු නිදහස් කර ඇති අතර එක්සත් ජනපදය පවසන්නේ ඉන් වැඩි දෙනා ඇෆ්ගන් සහ විදේශ හමුදා භටයන් මරා දැමීමට සම්බන්ධ වූ අය බවයි.
මෙසේ නිදහස් කළ පිරිසෙන් වැඩි දෙනෙකු බෝම්බ දැමීම් සහ වෙනත් ප්‍රහාර වලට සම්බන්ධ වී ඇති බවට ශක්තිමත් සාක්ෂි පවතින බව එක්සත් ජනපද බලධාරීහු පවසති.
නමුත් ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි පවසන්නේ මේ සිරකරුවන්ගෙන් වැඩි දෙනා ළමුන් සහ වයස්ගත අය වන අතර ඔවුන් නිවැරදිකරුවන් බවයි.
ඔවුන් රඳවා සිටි බග්රාම් ගුවන් කඳවුරේ සිර මැදිරිය ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් හඳුන්වන ලද්දේ අහිංසක ඇෆ්ගන් මිනිසුන්ට වද දී තම රටට වෛර කරන තත්වයට පත් කර ‘තාලිබාන් වරුන් නිපදවන කර්මාන්ත ශාලාවක්’ ලෙසින්.
මෙම සිරකරුවන් හැට පස් දෙනා නිදහස් කිරීම අතිශය පශ්චාත්තාපයට හේතු වන තීරණයක් බව කාබුල් නුවර එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.




