බටහිර අප්‍රිකාවේ සිංහයන් 'වඳ වී යාමේ තර්ජනයක්'

ඡායාරූප මූලාශ්‍රය, AP
බටහිර අප්‍රිකාවේ සිංහයන් ඉතිරිව සිටින්නේ 500 ක් පමණ බව පවසන අලුත් සමීක්ෂණ වාර්තාවක්, ඉතා ඉක්මනින්ම ඔවුන් කලාපයෙන් වඳ වී යාමේ තර්ජනයක් තිබෙන බව පෙන්වා දෙයි.
සෙනෙගාලයේ සිට නයිජීරියාව දක්වා වූ කලාපයේ රටවල් හතක සමීක්ෂණය පැවැත්වීම සඳහා පැන්තේරා සංවිධානයට වසර හයකට අධික කාලයක් ගත විය.
බටහිර අප්‍රිකාවේ සිංහ ගහනය බරපතල අන්දමින් අඩු වී තිබෙන බව සඳහන් කරන පැන්තේරා සංවිධානය, ඓතිහාසිකව සිංහයන් වාසය කළ ප්‍රදේශ සලකා බැලූ විට මේ වන විට සිංහයන් වෙසෙන්නේ එයින් සියයට එකක භූමි ප්‍රමාණයක බව ප්‍රකාශ කරයි.
අප්‍රිකානු කලාපයේ වෙසෙන අනෙක් සිංහයන්ට වඩා වෙනස් සිංහ වර්ගයක් වන බටහිර අප්‍රිකානු සිංහයා ඉතා තදබල ලෙසින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්වයකු වශයෙන් නම් කළ යුතු බව එම සංවිධානයේ නිර්දේශයයි.




