අප්‍රිකානු සංක්‍රමණිකයෝ ඊශ්‍රායලයේ උද්ඝෝෂණයක

නඩු විභාගයකින් තොරව වසරක් දක්වා රඳවා ගත හැකි අලුත් නීති ගැන සංක්‍රමණිකයන්ගේ කෝපය
ඡායාරූප ශීර්ෂ වැකිය, නඩු විභාගයකින් තොරව වසරක් දක්වා රඳවා ගත හැකි අලුත් නීති ගැන සංක්‍රමණිකයන්ගේ කෝපය

දේශපාලන රැකවරණ පතන්නන්ට ආණ්ඩුව සලකන ආකාරය පිළිබඳව විරෝධය පළ කරමින් ඊශ්‍රායලයේ සිටින දහස් ගණන් අප්‍රිකානු සංක්‍රමණිකයෝ දෙවැනි දිනයේත් විරෝධතා උද්ඝෝෂණවල නිරත වී සිටියහ.

ඇතැම් උද්ඝෝෂකයන් අත එරිත්‍රියානු කොඩි තිබූ අතර, සිය අරගලයට ජාත්‍යන්තර සහාය පතමින් ඔවුහු ටෙල් අවීව් අගනුවර ජාත්‍යන්තර තානාපති කාර්යාල කරා පෙළපාලියෙන් ගමන් කළහ.

දහස් ගණනක් උද්ඝෝෂකයෝ අගනුවර වෙරළට රැස්ව සටන් පාඨද හඬ නැගූහ.

දේශපාලන රැකවරණ පතන්නන් රඳවා තැබීම පිණිස අලුතෙන් රැඳවුම් කඳවුරක් විවෘත කිරීම සහ නඩු විභාගයකින් තොරව ඔවුන් වසරක් දක්වා වූ කාලයක් රඳවා ගත හැකි වන පරිදි අලුත් නීතියක් සම්පාදනය කිරීම සංක්‍රමණිකයන්ගේ කෝපයට හේතු වී තිබේ.

මෑත වසර කිහිපය තුල දස දහස් සංඛ්‍යාත අප්‍රිකානු සංක්‍රමණිකයෝ ඊශ්‍රායලයට ලඟා වූහ.