බංග්ලාදේශයේ විරෝධතා

 bangladesh
ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශයේ විරෝධතා

බංග්ලාදේශයේ ජනවාරි මස පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කෙරෙමින් පැවති විරෝධතාවකදී එක් අයෙක් මියගොස් ඇත.

විරෝධතා පැවැත්වූ විපක්ෂයේ කණ්ඩායම් අත් බෝම්බ පුපුරුවා රේල් පීලි ගලවා මාර්ග බාධක පනවා තිබේ.

ප්‍රධාන විපක්ෂය වූ බංග්ලාදේශයේ ජාතික පක්ෂය කියා සිටින්නේ අගමැතිනිය ඉල්ලා අස්වී ආණ්ඩු බලය භාරකාර ආණ්ඩුවකට පැවරිය යුතු බවයි.

අගමැතිනි ෂේක් හසීනා විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත.